Founder
නොනැසුණු අනාගතයක් වෙනුවෙන් කැපවුණු වර්තමානයක්
මම කෑගල්ල ප්‍රදේශයේ ජීවත්වන වෘත්තියෙන් ගොවියෙක් . " තිරසර ලංකා " වැඩසටහනට මම එකතුවුනේ අපේ ප්‍රදේශයේ පැවැත්වුනු " වස විස නැති ගොවිතැන " වැඩමුළුව හරහායි . එතනදි සැබෑ ගොවිතැන ගැන මම ගොඩක් දේවල් ඉගෙනගත්තා . ඒවගේම ඒ දැනුම මගේ වගාවට ගොඩක් උපකාර වුනා . අද මගේ වගාවෙන් විකුනන අස්වැන්නත් , මම ගෙදර කෑමට ගන්න ආහාරත් ගොඩක් ගුණාත්මකබව වැඩි එළවළු . ඉතින් මට මේ වැඩපිළිවෙළ ගැන තියෙන්නෙ ගොඩක් ලොකු පැහැදීමක් .
මම ගම්පොල ප්‍රදේශයේ ජීවත්වෙන වඩු කාර්මික ශිල්පියෙක් . මම මගේ තාත්තගෙන් වඩුවැඩ ඉගෙනගත්ත . නමුත් තිරසර ලංකා වැඩසටහනේ පුහුණු වැඩමුළුවට ආවට පස්සෙ මම ජීවිතකාලෙම ඉගෙනගත්ත දේවල් වලට වැඩියමක් ඉගෙනගත්ත . දැන් මගේ නිෂ්පාදන ගැන හැමෝම මට ප්‍රශංසා කරනව . ඒගැන තිරසර ලංකා වැඩසටහනට ගොඩක් ස්තූතියි .
මගේ දරුවො දෙන්නම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අපි ගොඩක් අසරණ වෙලා හිටියෙ . අපිට අපේ අනාගතය ගැන තිබුනෙ ලොකු බයක් . එතකොට තමයි අපිට තිරසර ලංකා වැඩසටහනේ පුනරුත්ථාපන වැඩසටහන් ගැන දැනගන්න ලැබුනෙ . දැන් මගේ දරුවො වෙනස්ම මිනිස්සු බවට පත්වෙලා . අපිට ගොඩක් සතුටුයි .
මම කළුතර ප්‍රදේශයේ ආයතනයක කාර්යාල කාර්ය සහයකයකු විදියට සේවය කරන කෙනෙක් . මට ලැබුනු සුළු වැටුපෙන් අපි ජීවත්වුනේ ගොඩක් අමාරුවෙනුයි . ඒ අතරෙ මම තිරසර ලංකා වැඩසටහනේ ගෘහ කර්මාන්ත වැඩපිළිවෙළේ ඉටිපන්දම් නිෂ්පාදනය ගැන ඉගෙනගත්ත . දැන් මට තරමක් ලොකු ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්තයක් තියෙනව . අපේ ජීවිතයට අලුත් පාරක් පෙන්නන්න තිරසර ලංකා වැඩසටහනට හැකි වුනා .
මම ගම්පහ අධ්‍යාපනික ආයතනයක් පවත්වාගෙන යන්නෙක් . නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා මගේ සියළුම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම විනාශවෙන තත්ත්වයක් පවා පහුගිය කාලයේ ඇතිවුනා . මට ආයෙමත් ඒවගේ අවධානමක් ගන්න බෑ . නමුත් මට දැනගන්න ලැබුනා තිරසර ලංකා ජාතික ව්‍යාපාරය නමින් සංවිධානයක් ප්රතිපත්තීන් ඇතිකිරීම වෙනුවෙන් වැඩකරනවා කියන එක . ඊටපස්සෙ මම සංවිධානය සමග කටයුතු කරනකොට ඒක ඇත්ත බව මට වැටහුනා , ඒ නිසා තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ වැඩපිළිවෙළට මම ගොඩක් කැමති සහ ඒක අගය කරනවා .
පුද්ගල විභවතාවයන් හඳුනාගනිමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ රටේ ආර්ථිකය වෙත ඵලදායී ලෙස යොදවාගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් සම්පත් සම්පාදනය කිරීම අපගේ අරමුණයි .
පරිසරය අධ්‍යාත්මය සමානාත්මතාවය ආර්ථිකය සමබර කිරීම තුළින් ශක්තිමත් හා සංවිධිත සංස්කෘතික සමාජ ක්‍රමයක් ගොඩනැගීම හරහා මානසික සතුට සහ උද්යෝගය පිරුණු රටක් ගොඩනැගීම .
© Copyright Thirasaralanka All Rights Reserved.